Kendra

Jayan Astrology
Sri Lanka.


සිකුරු මහ දශා ශේෂය ඉදිරියට වර්ෂ 9 මාස 2 දින 9

ඝන - මනුෂ්‍ය
ලිංග - ස්ත්‍රී
etc ...
-------------------------
2024/12/29 දක්වා රාහු මහ දශාවයි - මේ දක්වා කාළය සෑම අතකින්ම වෘෂභ ලග්න හිමියන්ට සුභයි etc...

2012/02/05 - 2014/12/11 දක්වා ශනි අතුරු දශාවයි - ලෙඩ දුක් හා වැටීම් සීරීම් වලින් පරිස්සම් කර ගන්න. තරමක් කෙන්ති ගති හා .etc.....

-----------------------------------
රවි හා බුධ එකට් පිහිටීම -
මෙම යෝගය ඇත්තවුන් බොහෝවිට ඥානාන්විතව කටයුතු කරයි, ගවේෂණශීලී වේ, න්‍යාය ධර්ම හොඳින් අවබෝධ කර ගනී, සුප්‍රසිද්ධ වේ.

රවි හා සිකුරු එකට පිහිටීම -
ලෞකික දේ පිලිබඳව ඇල්මක් ඇති, කලාවට ප්‍රිය, සංගිතයට ප්‍රිය, සංගිතය හා සම්බන්ධ රැකියාවක නියුතු, ස්ත්‍රීන්ගේ උදව් උපකාර ඇති, යහපත් විවාහයක් හා දරුවන් ලබන අයකු වේ.

බුධ සිකුරු එකට පිහිටීම -
සමාජශීලී, මිත්‍රත්වය මනාව රැකගන්න, කාගෙත් සිත් දිනාගන්නා, යහපත් මිතුරන් ලබන, කලාකාමී, විශේෂයෙන් සංගීතයට ප්‍රිය, ලිවීමේ හා කතාවේ දක්ෂ යකු වන්නේය.
-----------------------------------

පහත සඳහන් වනුයේ ඒ ඒ කොටුවේ පිහිටා ඇති ආකරයට ගුණ අගුණයි..

චන්ද්‍රයා පස්වන කොටුවේ පිහිටීම - තේරුම් ගැනීමට අපහසු, කඩවසම් ස්වාමීපුරුෂයන්, රූමත් බිරියක්, ස්වකීය වාසිය සලසාගන්නා, ආටෝප සාටෝප ගති ඇති, බොහෝ දියනියන් ලබන, ප්‍රඥාවන්ත, සිව්පා සතුන්ගෙන් ආදායම් ලබන, අධ්‍යාපනයේ බාධා ඇති, දෙශපාලනයේ ඉහල නිලයක් දරණ අයකු වන්නේය.

කුජ නවවන කොටුවේ පිහිටීම - අකරුණාවන්ත, ලෞකික ජීවීතයට ප්‍රිය, වෙළඳාමේ සාර්ථක, කෘෂිකර්මාණ්තයෙන් පාඩු ලබන, පියා නිතර අසනීප වන, නාවික වෙළෙන්දකු වන, ස්වෝත්සාහයෙන් නැගී සිටින, සැර, මුරන්ඩූ, වේගවත් ගමනක් යන, තාර්කික පුද්ගලයකු වන්නේය.

ගුරු තෙවන කොටුවේ පිහිටීම - ජනප්‍රිය, සොහොයුරු සම්පත් ඇති, පවුල වෙනුවෙන් කැපවූ, මසුරු, කරුණාවන්ත, ආචාරශීලී, ප්‍රතිපත්තියක් නැති, කෘෂිකර්මාණ්තයෙහි සාර්ථක, සකසුරුවම් සහිත, හොඳ දේ ලබන, ශක්තිමත්, ධෛර්යමත්, උසස් කළාවට හා සාහිත්‍යයට ලැදි, නෑයින්ගේ ආදරයට ලක්වන අයකු වන්නේය.
-------------------------------------

පහත දක්වනුයේ ග්‍රහයින් පිහිට ඇති ලග්නාධිපති අනුව සුභ අසුබයි -

රවි මේෂ රාශියේ පිහිටීම - ක්‍රියාශීලී, ප්‍රඥාවන්ත, ජනප්‍රිය, සංචාරයෙහි යෙදෙන, ධනවත්, සටන්කාමී, හැම අතින්ම වාසනාවන්ත, අපේක්ෂාවන් පිරි, සෙම් අධික, ශක්තිමත්, විශේෂ පෞර්ෂයකින් හෙබි, ආවේගශීලී, කලබල ගති ඇති, ඉක්මනින් කේන්ති යන, ප්‍රමුඛත්වය හිමි, මූලීකත්වය ගෙන කටයුතු කරන අයෙකි.

චන්ද්‍රයා කන්‍යා රාශියේ පිහිටීම - දැකුම්කළු සමක් ඇති, දීප්තිමත් සමක් ඇති, නවීන දෙයට ප්‍රිය, එල්ලා වැටෙන උරහිස් හා අත් ඇති, ඉතා පියකරු, සිත් ඇඳ බැඳ ගන්නා සුළු, ප්‍රතිපත්ති ගරුක, සියළු සැප සම්පත් හිමි, සුඛෝපභෝගී ජීවීතයක් ගෙවන, සැහැල්ලු සිරුරක් හිමි, සුමුදු කතා ඇති, අවංක, සත්‍යගරුක, විනීත, නිරහංකාර, ශීලාචාර, සත් ගුණවත්, ප්‍රඥාවන්ත, සෙම් අධික, විරුද්ධ ලිංගිගිකයන්ට කීකරු, තීක්ෂණ බුද්ධියකින් හෙබි, මාන්නක්කාර, නිතර කල්පනාවේ යෙදෙන, සම්භාෂණයෙහි දක්ෂ හා ප්‍රිය, දූවරුන් වැඩි, මුකරි, නක්ෂත්‍රයට ලැදියාවක් ඇති, දිවැස් ඇති, නර්ථනයේ හා සංගීතයේ හැකියාවන් ඇති, පුතුන් අඩු අයකු වන්නේය.

කුජ මකර රාශීයේ පිහිටීම - පොහොසත්, දේශපාළනයේ ඉහල නිල හොබවන, බොහෝ පුතුන් ඇති, නිර්භීත, ත්‍යාගශීලී, දරුවන්ට ආදරය කරන, මධ්‍යස්ථ පෞර්ෂයකින් හෙබි, උද්යෝගිමත්, කඩිසර, උත්සාහවන්ත, වෙහෙස නොසලකන, සාර්ථක ජීවීතයක් ගෙවන, තික්ෂණ, ධෛර්යමත්, උපායශීලී, ගෞරවාදරයට පාත්‍ර වන, උදාර, ස්ත්‍රීන් කෙරෙහි ඇලුණු, සල්ලාල, බලවත් අයකු වන්නේය.

බුධ මේෂ රාශීයේ පිහිටීම - තද බල දරුණු සිතක් ඇති, මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් හිමි, හිතුවක්කාර, මුරන්ඩු, බුද්ධිමත්, සමාජශීලී, ඉවසීමේ ශක්තිය මනාව ඇති, භෞතිකවාදී, නම්‍යශීලි ගති ඇති, විචාරාත්මක, කලබල සහිත, ලෝභ, භයානක සම්බන්ධතා ඇති, වංචනික, කපටි, වංක ගති ඇති පුද්ගලයකු වන්නේය.

ගුරු කටක රාශීයේ පිහිටීම - කියවන නුවණ ඇති, උදාර, ආනුභාවසම්පන්න, ධනවත්, සුඛෝපභෝගී, ප්‍රඥාවන්ත, අවර්ණ සමක් ඇති, කටකතා හා ඕපාදූප වලට ප්‍රිය, ගණිතඥයකු, විශ්වාශී අයකු වන්නේය.

ශනි මිථුන රාශීයේ පිහිටීම - අස්ථිර සිතක් ඇති, අභාග්‍යසම්පන්න, අපිරිසිඳු, අමුතු ගති ඇති, කෙට්ටු ශරීරයක් ඇති, තෙරුම් ගැනීමට අපහසු, උපායශීලී, දරුවන් අඩු, රාසායන හා යාන්ත්‍රික විද්‍යාවනට ප්‍රිය, පටු මති මතාන්තර ඇති, විචාරාත්මක, තාර්කික, සාහසික, මැරවර ගති ඇති අයකු වන්නේය.

සෙත් වේවා...!!!